24 C
Colombo
Monday, December 11, 2023

චීනය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න අමාරුයි – රොයිටර්ස්

- Advertisement -

චීනයේ සහභාගීත්වයක් නොමැතිව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කටයුත්තක් වනු ඇති බව ජපාන රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ජපානයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අභියෝගයක් බව ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය එසේ අනාවරණ කර තිබෙනවා.

රොයිටර්ස් අනාවරණයට අනුව ගෝලීය අරමුදල් කළමණාකරුවන් විසින් ලබාගෙන ඇති මෙරට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 20කට ආසන්නයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් රෙනේසන්ස් කැපිටල් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ චාල්ස් රොබට්සන් මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ එය තමන් දුටු ඉතාමත් අවුල් සහගත තත්ත්වයක් බවයි.

මෙරට විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 85ත් 100ත් අතර විය හැකි බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...