27.5 C
Colombo
Wednesday, October 4, 2023

විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා සහ නිලධාරීන් 256දෙනෙකු නිරෝධායනයට

- Advertisement -

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ‘වරුණ ජයසුන්දර’ මහතා ඇතුළු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 256දෙනෙකු, දින 14ක් නිරෝධායනයට යොමුකර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මහර ‘බන්ධනාගාර ගැටුම’ මැඬපැවැත්වීමට සහභාගී වූ නිලධාරීන් සහ කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශවල ‘කොවිඩ්-19 සම්බන්ධ අවදානම් රාජකාරි සඳහා නියුතුව සිටි නිලධාරීන් පිරිසක්, මෙලෙස නිරෝධායන කඳවුරු වෙත යොමුකර ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

පවතින කොවිඩ් අවදානම හමුවේ පොලිස් ‘විශේෂ කාර්යය බළකායේ’ අවදානම් රාජකාරි කළ නිලධාරීන්, නිසි නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර, ‘සැලසුමකින් තොරව’ රාජකාරි සඳහා අනුයුක්ත කරන බවට පසුගිය දින කිහිපයේම තොරතුරු වාර්තා විය..
ඊට විසඳුමක් වශයෙන්, මෙලෙස නිලධාරීන් නිරෝධායනයට යොමුකර තිබුණ ද, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රාජකාරි අවශ්‍යතාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බවත්, විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි කටයුතු ගැටලුවකින් තොරව සිදුවන බවත් වාර්තා වේ.


RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...