26 C
Colombo
Saturday, May 11, 2024

හදිසියේම රු. බිලියන 27ක් අච්චු ගසයි

- Advertisement -

පසුගිය ජූනි 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ.

මහ බැංකුව පවසන්නේ මුහුණත වටිනාකම රු. මිලියන 27,875.27 කින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් මෙලෙස තමන් වෙත නිකුත් කෙරුණු බවයි. මෙම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ පොත් අගය රු. මිලියන 27,000 කි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මූල්‍යයනය කිරීම ද ඇතුළු හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙලෙස මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීමක් සිදුකරනු ලබන අතර ඊට සල්ලි අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාර භාවිත වේ.

මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි. රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය. එසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ. එබැවින් පසුගිය බදාදා (15) දිනයේ දී සිදු වී ඇත්තේ ද එවැන්නකි.


RECENT ARTICLES - SINHALA

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

අහුංගල්ල වෙඩි තැබිම පළිගැනිමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත...

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජේෂ්ඨ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...