30.2 C
Colombo
Friday, April 26, 2024

හොංකොං වගේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ඇයි..? ජනපති අසයි

- Advertisement -

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් – විදෙස් ආයෝජකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (16) පෙරවරුවේ කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.

විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණදෙන අභියෝග සහ පිළියම් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණි.

අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය සෘජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කර්මාන්ත සඳහා අනුමැතිය ලබාදෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගතහොත් ආයෝජකයින් දිනාගත නොහැකි බවය.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ මෙරට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇත්තේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බවය.

“හොංකොංවල එක මැණික් ගලක්වත් නෑ. එක්ස්පෝර්ට් මාකට් එකේ වාර්ෂික ආදායම බිලියන 35 පැනලා. තායිලන්තයේ දෙවැනි එක වාර්ෂික ආදායම බිලියන 15යි. අපේ කීයද අපේ 297යි ගිය අවුරුද්දේ. ලංකාවේ මේවා දියුණු වෙන්නේ නැත්තේ ඇයි. මේවා සියල්ලම මට හිතෙන්නේ.. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇත්තේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කියන එකයි. ඒ අධිකාරියක් හදලනේ තියෙන්නේ. ඇයි ශ්‍රී ලංකාවේ ඇඟලුම් මේ විදියට වර්ධනය වෙන්නේ. ඇඟලුම්වල ස්වයං නියාමයනක් තියෙන්නේ. ආණ්ඩුවෙන් කවුරුත් ඇඟිලි ගහන්නේ නෑ.”

මේ අතර දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මහතා අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණි.

එහිදී තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තම රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.

මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.


RECENT ARTICLES - SINHALA

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...