24 C
Colombo
Sunday, October 1, 2023

ඩොලර් භාවිතා කොට කරන ගෙවීම් අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයෙන් රැසක් අමාරුවේ වැටෙයි

- Advertisement -

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු කාඩ්පත් භාවිත කොට අන්තර්ජාලය හරහා ඩොලර් භාවිතා කොට ගෙවීම් කටයුතු කිරීමට තිබූ අවස්ථාව පසුගිය 18දා සිට අත්හිටුවා ඇතැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ සහ එම ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවෝ කියති.

ඔවුන් අද (20) තම බැංකු කාඩ්පත් උපයෝගී කරගනිමින් අන්තර්ජාල ගෙවීම් කිරීමට උත්සාහ කළ ද එය 20දා වූ තැන අදාළ බැංකුවලින් මේ ගැන විමසා ඇත.

එහිදි ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ ඩොලර් ගනුදෙනු කිරීමට අවස්ථාව නොමැති බැවින් විකල්ප සොයා ගන්නා ලෙසට ය.

තමන්ගේ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය ජාලා මගින් මුදල් ගෙවා ප්‍රවර්ධනය කරන විශාල පිරිසක් මේ නිසා දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

පේපැල් මාර්ගයෙන් අන්තර්ජාල ව්‍යාපාර කටයුතු කරන බොහෝ පිරිසකට ද නිසා සිය කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

ව්‍යාපාර කටයුතු වෙනුවෙන් විදේශගතව සිටිමින් ශ්‍රී ලාංකික බැංකු කාඩ්පත් භාවිත කරන විශාල පිරිසක් ද මේ නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර, හදිසියේම මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවීම නිසා තම දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දමන්නට සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මෙරට බැංකු කළමනාකරුවෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය ඉතා අඩු මට්ටමක පවතින හෙයින් ඩොලර් විදේශයන්ට ඇදීයාම නතර කිරීම සඳහා මහබැංකුව මෙම පියවර ගෙන ඇති බවයි.

වෙනත් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මෙරට බැංකු තම ගනුදෙනුකරුවන්ට උපදෙස් දී ඇතත් එම විකල්ප මොනවාදැයි සඳහන් කර නැති බවද ගනුදෙනුකරුවෝ සඳහන් කරති.

RECENT ARTICLES - SINHALA

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

වඳවී යන අලි පරපුර

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව...

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...