පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සර්ගෝදා හි අහමදියාවරුන්ට අයත් වසර 118ක් පැරණි මුස්ලිම් පල්ලියකට TLP සාමාජිකයන් 100කට වැඩි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරකයින් අහමදියාවරුන්ට තම නීතිරීතිවලට අවනත වන ලෙසත් එසේත් නැතිනම් පකිස්තානයේ දේව අපහාස නීතිය යටතේ ක්‍රියා කරන බවටත් අනතුරු අඟවන සටන් පාඨ පවසමින් දේවස්ථානයට පහර දුන් බව අවට සිටි පිරිස් මාධ්‍ය වෙත පවසා තිබුණි.
ඇතැම් ප්‍රහාරකයින් අහමදියාවරුන්ට තර්ජනය කර ඇත්තේ පාකිස්ථානයෙන් පිටව නොගියහොත් පාකිස්තානය පුරා මෙවැනි ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි.
ප්‍රහාරය සිදුවන විට පොලිසිය නිහඬව බලා සිටි බවට ද චෝදනා එල්ල වේ.
අහමදියා ප්‍රජාවට සිදුවන හිංසා පීඩා පකිස්ථානයේ විවිධ ප්‍රදේශ වල දැන් කලක සිට ඉහල යමින් පවතී.