තායිවානයේ ආර්ථික කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍ය Chern Chyl Chen මෙම සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ 70 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද සමගයි.
ඔවුන්ගේ මෙම ඉන්දීය සංචාරයට සමගාමීව දෙරට අතර ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ හරහා දෙරටටම ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පුලුල් කර ගැනීමට ද අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂිතයි.
ඊට අමතරව විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමටයි ඉන්දියාව සහ තායිවානය සැලසුම් කර තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පසුගිය වසර 2 ක කාලයේදී දෙරටේ ආර්ථික අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වුනේ මාර්ගගත් ක්‍රමය හරහා පමණයි.
එබැවින් තායිවානයේ ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය දෙපාර්ශවයටම අතිශය වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.