26 C
Colombo
Monday, May 20, 2024

රජයේ සේවකයන්ට වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

- Advertisement -

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරිමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.

ඒ අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් පුද්ගලික සමාගමක් ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (09) නිෂ්ප්‍රභ කරමින්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාළ මෝටර් රථ ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක් සිදුවී ඇතැ‍යි සදහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබු අතර එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බැවින් මෝටර් රථයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ සමාගම ඊට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම මෝටර් රථ ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මානු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17...

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...