26.4 C
Colombo
Thursday, March 28, 2024

ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

- Advertisement -

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවන් 3 ක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි.

2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සංවෘත සේවාවන් ලෙස ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

උසස් කිරීම් – පත් කිරීම් – විනය – ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබුණේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය – ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කිරීම සිය අරගලයේ ජයග්‍රාහී ප්‍රතිඵලයක් බව ගුරු සංගම් අවධාරණය කරනවා.

අරගලයට දායක වූ සියලු ගුරු විදුහල්පතිවරුන් ඇතුලු සියලු පාර්ශව වලට ලංකා ගුරුසේවා සංගමය සිය ස්තූතිය පළ කර සිටින බවයි එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.

මොකක්ද මේ සංවෘත තත්ත්වය ? – ස්ටාලින්ගෙන් පැහැදිළි කිරිමක්

“මේ ගැන කිසිවක් නොදන්නා අය සංවෘත සේවාවක් කියන්නේ වෙනත් සේවාවන්ට මාරු විය නොහැකි සේවාවක් ලෙස‍යි. එය සම්පූර්ණයෙන්ම වැරදියි.

රාජ්‍ය සේවයේ සේවා වර්ග කළ හැකි ආකාර කීපයක් තිබෙනවා. එකක් ඒකාබද්ධ සේවා. රාජ්‍ය කළමනාකරණ සේවය ඒකාබද්ධ සේවාවක්. එයට අයත් වන අයට රජයේ විවිධ දෙපාර්තමේන්තු, ආයතන ආදියෙහි සේවය කරන්නට පුළුවන්. ඒවා අතර ස්ථාන මාරු ලබාගන්නට පුළුවන්.

දීප ව්‍යාප්ත සේවා කියන්නෙ තවත් ආකාරයක සේවා වර්ගයක්. රාජ්‍ය පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක සේවාවන් 12ක් දීප ව්‍යාප්ත සේවා ගණයට අයත් වෙනවා. ඒවායේ නිලධාරීන්ට දිවයින පුරා ඕනෑම තැනක සේවයේ යෙදෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් රජයේ අනෙකුත් සේවකයන් මධ්‍යම රජයට හෝ පළාත් සභාවලට අයත් වන නිසා ඔවුන්ට සේවය කරන්නට සිදු වන්නේ එම සීමාව ඇතුළේයි. උදාහරණ ලෙස, පළාත් සභාවකට අයත් පාසලක සේවය කරන ගුරුවරයකුට ජාතික පාසලකට මාරුවීමක් ලබාගැනීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ට එහෙම නැහැ.

සංවෘත සේවා සංකල්පය අදාළ වන්නේ මූලික වශයෙන් වැටුප්, වරප්‍රසාද හා සේවා ගුණාත්මකභාවයටයි.

අංක 6/2006 චක්‍රලේඛය මගින් සියලු රාජ්‍ය සේවාවන් පොදු ව්‍යූහයකට අරන් තියෙනවා. එමගින් රජයේ වෘත්තීය සේවා අතර එකිනෙකට සමාන්තරභාවයක් නිර්මාණය වෙනවා. මේ හේතුවෙන් රජයේ එක් සේවයකට වැටුප් වැඩි කළ විට ඒ හා සමාන්තර අනෙකුත් සේවාවන්ට වැටුප් විෂමතා නිර්මාණය වෙනවා. දැන් තිබෙන වැටුප් විෂමතා අරගල කියන්නේ ඒවායි.

යම් රාජ්‍ය සේවාවක් සංවෘත සේවාවක් බවට පත් කළ විට, එම සේවාව වෙනම සලකා බලා වැටුප් සහ වෙනත් වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණ ගත හැකියි. උදාහරණයක් ලෙස ගුරු සේවයේ තිබෙන යම් විශේෂත්වයන් තිබෙනවා. ගුරු සේවයේ යෙදෙන අයට අතිකාල දීමනා, බටා ආදිය හිමිවන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අමතර ආදායම් නැහැ. ගුරු සේවයේ බහුතරයකගේ වැටුප් අවමයි. ඒ නිසා, ගුරු සේවයේ මෙම විශේෂ තත්වය සැලකිල්ලට ගෙන වැටුප් වැඩි කළ යුතුයි. ඒ බව, 2007දී ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකත් සඳහන් වෙනවා.”

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...