28 C
Colombo
Sunday, May 5, 2024

විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි

- Advertisement -

විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා තිබෙන බවට වාර්තා වනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබෙනවා.

විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහලයාමක්.

අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 10,263.8 ක මුදලක් මෙරටට පැමිණ තිබෙනවා.

ඩොලර් බිලියන 10.26 ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දිරි දීම් රැසක් ක්‍රියාත්මක කර තිබුණා.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේ විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂ ද්වාරයක් හදුන්වා දීම වැනි පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...