26 C
Colombo
Thursday, March 23, 2023

මැයි රැළි නැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟවූ බවට යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යක් – පුබුදු ජයගොඩ

- Advertisement -

ජාත්‍යාන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි අවලංගු කිරීමට සියලු පක්ෂ නියෝජිතයන් එකඟවී ඇති බවට යුද හමුදාපතිවරයා සිදුකරන අසත්‍යක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ යුද හමුදාපතිවරයා පවසන ආකාරයේ කිසිදු රැස්වීමක් සඳහා තම පක්ෂයට ආරාධනයක් නොලැබුණු බවයි.

කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අද (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

කෙසේ වෙතත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා පොලීසිය අතර පැවැත්වුණු එකම නිල සාකච්ඡාව වනුයේ ඊයේ (19) සවස 2.30ට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යලයේදී පැවති සාකච්ඡාව බවයි.

එහිදී තීරණය වී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දින පෙලපාලි හා රැළි පැවැත්වීමටෙ බවත් ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය කම්කරු දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ සිදු කිරීමට පොලිස් අනුමැතියද ලබාදුන් බව ඔහු සඳහන් කරනවා.

මීට අමතරව මැයි රැළි සම්බන්දයෙන් වන කිසිදු සාකච්ඡාවක් පිළිබදව තම පක්ෂයට දැනුම්දී නොමැති බවත් මේ අත්තනෝමතික තීරණයට එකඟවූ දේශපාලන පක්ෂ මොනවාදැයි හමුදාපතිවරයා හෙලිදරව් කළ යුතු බවත් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ කිසිදු සීමා කිරීමකින් හෝ සෞඛ්‍ය රෙගුලාසියකින් තොරව වෛරසය ව්‍යාප්ත වීමට අවකාශ සැලසූ ආණ්ඩුව දැන් වසංගතය පෙන්වා කම්කරු දිනය තහනම් කිරීමට සැරසෙන්නේනම් එම අත්තනෝමතික තීරණයට එරෙහිව සටන් වැදිය යුතු බවත් එම අත්තනෝමතික තීරණයට දේශපාලන පක්ෂ වල අනුමැතිය ලබාදී ඇති බවට හමුදාපතිවරයා කර ඇති අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

කම්කරු දිනය වෙනුවෙන් වැඩසටහන් පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනුයේ වැඩකරන ජනතාව මිස හමුදාපතිවරයා හෝ පාලකයන් නොවන බවත් ලංකාවේ පවතින්නේ මියන්මාර පන්නයේ මිලිටරි පාලනයක්ද යන්න මුලින් විසඳාගත යුතු බවත් අදාල තීරණය විවේචනය කරමින් පුබුදු ජයගොඩ මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...