28 C
Colombo
Saturday, May 4, 2024

හයිවේ ටිකට් කඩන්නත් හමුදාවෙන් දාලා

- Advertisement -

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා

ඒ හේතුවෙන් එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙන බවට වාර්තා වනවා.

එහි මූලික පියවර ලෙස ඊයේ (21) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ ඒකකයේ ගැලනිගම අන්තර් හුවමාරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ, එහි අධ්‍යක්ෂක නඩත්තු හා මෙහෙයුම් ආර්. ඒ. ඩි. කහටපිටිය මහතාගේ මඟ පෙන්වීම මත රාජකාරි කටයුතු ආවරණය කරන ස්ථාන පිලිබද අවබෝධයක් ලබා ගත් බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේ, උදෑසන 7.00 සිට රාත්‍රි 7 .00 දක්වා එය ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...