27 C
Colombo
Wednesday, May 8, 2024

පකිස්ථාන අගමැති මෙරටට පැමිණි අවස්ථාවේ ආණ්ඩුවේ කැමරාකරුවන්ගේ හැසිරීම දැඩි දෝෂදර්ෂණයට

- Advertisement -

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාව පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොලට පැමිණියා.

මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හටද අවස්ථාව ලබාදී තිබූ අතර විවෘත ලොරියක සැකසූ පීඨිකාවක් මත සියලු කැමරා ශිල්පීන් හට පහසුකම් සපයා තිබුණා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ, යුධ හමුදා මාධ්‍ය ඒකකයේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කැමරාකරුවන් අදාල ප්‍රභූන් අසල පොර කමින් ඡායාරූපකරණයේ යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් එක් ස්ථානයක ගොඩගසා පිළිවෙලකට තම මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට සූදානම්ව සිටි මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවයකට ලක්වුණා.

ඔවුන් පවසන්නේ අදාල පුද්ගලයන්ගේ පිළිකුල් සහගත හැසිරීම නිසාවෙන් තමන් ලබාගත් බොහෝ ඡායාරූපවල ඇත්තේ ආණ්ඩුවේ කැමරාකරුවන්ගේ පශ්චාත්භාග බවයි.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...