යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම දැඩි කලකිරීමට පත්ව ඇති බවයි.
පසුගිය දිනවල අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දින වකවානු සහිතව පසුගිය කාලය පුරා විවිධ තොරතුරු පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස බලාපොරොත්තු සහගතව සිටියා.
මේ අතර ඇමති ධුර ලබාදිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබුවා.