27 C
Colombo
Monday, May 6, 2024

රට ගොඩගන්න බැරි රාජපක්ෂ පවුල නිසායි..! – කාදිනල්තුමා

- Advertisement -

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ, අගරදගුරු මැදුරේදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බවයි කාදිනල්වරයා සඳහන් කර සිටින්නේ.

ඉන්පසු ජනතාව පතන ව්‍යූහාත්මක දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බවත් එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බවත් ඔහු පවසනවා.

රටේ තත්වය යහපත් වූ වහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද කී අගරදගුරුතුමෝ දේශය මෙම තත්වයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නැයි විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් රට පත්ව ඇති උග්‍ර අර්බුදකාරී, තත්වයට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ගත් අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා

නව අගමැතිවරයා පත්වීමත් සමඟ ජනතාව තුල සුළු වශයෙන් හෝ ඇතිවූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් ටික කලක් නිහඬව සිටිය ද දැන් උදාවී ඇති තත්වය අනුව ආගමික නායකයෙකු සහ වගකිව යුතු පුරවැසියකු ලෙස තමාට නිහඬව සිටිය නොහැකි බවත් අගරදගුරුතුමාණන් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...