26 C
Colombo
Wednesday, February 19, 2025

ට්‍රම්ප් ට එරෙහි නඩුවට දින නියම වෙයි

- Advertisement -

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව නඩුව ලබන වසරේ මැයි 20 වැනිදා ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේදී නඩුව විභාගයට ගන්නා බවයි සඳහන් වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ද තරඟ කිරිමට ඉදිරිපත්වී සිටින අතරඊට පෙර ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත් විය යුතුයි.

එම කාල සීමාව වඩාත් කාර්යබහුල වන බැවින් තමාට අදාල නඩු විභාගයට නොවැම්බර් මාසයෙන් පසු දිනයක් ලබා දෙන්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධි චෝදනා 37ක් ගොනු කිරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළා.

අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවයි.

ඒ අනුව එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ ඇතැම් ලේඛන රජයේ නිලධාරීන් සොයාගැනීම වැලක්වීමට ඔහු එම ලේඛන ෆ්ලොරීඩාවේ ඔහුට අයත් නිවාඩු නිකේතනයක සැඟවූ බවද පිටු 49 කින් යුතු මෙම අධි චෝදනා පත්‍රයේ සඳහන්.

මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 77 හැවිරිදි ට්‍රම්ප්ට වසර 20ක සිර දඩුවම් හිමි විය හැකි බවයි විදෙස් වාර්තාවල සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES