මරාන්තික මාර්බර්ග් (Marburg) නමැති වෛරස තත්ත්වය අප්‍රිකාව තුළ වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් සිදුකර තිබෙනවා.
මෙහි රෝග ලක්ෂණ ලෙස අධික උණ, අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනය සහ හිසේ කැක්කුම බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටැන්සානියා, ගිනියාව යන රටවල වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.
මාර්බර්ග් වෛරසය ඉහළ මරණ අනුපාතයක් සහ වසංගත විභවයක් සහිත බෝවන රෝගයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර තිබෙනවා.