25 C
Colombo
Thursday, May 9, 2024

මගේ නංගිට මැරෙන්න දීලා දොස්තර හොඳට නිදා ගත්තා – මන්ත්‍රී විමලවීර

- Advertisement -

තමන්ගේ සහෝදරිය මිය යද්දී ඇයට ප්‍රතිකාර නොකොට අදාල වාට්ටුවේ වෛද්‍යවරිය සුවෙන් නිදාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී විමලවීර දිසානායක පවසනවා.

ඒ, අද (19) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

සිව්දරු මවක් වන ඇයගේ පාදයේ ශල්‍යකර්මයක් කිරීමෙන් අනතුරුව උදෑසන වන තෙක් ඇයගේ පාදයෙන් ලේ වහනය වූ නමුත් එම වාට්ටුව භාර වෛද්‍යවරිය ඇයගේ ලේ යාම නතර කිරීමට උනන්දු නොවූ බවත් තමන්ගේ සොයුරිය මිය යද්දී එම වෛද්‍යවරිය සුවෙන් නිදාගත් බවත් ඔහු පවසනවා.

එමෙන්ම, තමන්ගේ බිරිඳගේ සොයුරාද ශල්‍යකර්මයක් අතරතුරදී එන්නතක් වැරදීමෙන් මිය ගිය බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් එවැනි සිදුවීම් නිසා තමා සමස්ථ සෞඛ්‍ය සේවයටම වෛර නොකරන බවත් වර්තමානයේදී සිදුවන්නේ යම් යම් සිදුවීම් පදනම් කරගෙන නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට උත්සහ කිරීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී විමලවීර දිසානායක අවධාරණය කරනවා.

ඇතැම් මාධ්‍යය ද දුක විකුණමින් එම පුවත් හරහා වාසි ලබා ගැනීමට උත්සහ දරන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...