31 C
Colombo
Saturday, May 18, 2024

කුඩු බෙදන ගිලන් රථ රියදුරා කොස්තාපල්ට පහරදී පැනලා ගිහින්

- Advertisement -

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පැන ගොස් ඇතැයි මුරුන්කන් පොලිසිය පවසනවා.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවට වාර්තා වනවා.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මෙවැන්නක් සිදු කර පලා ගිය බව මන්නාරමේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...