27.5 C
Colombo
Wednesday, October 4, 2023

කබ්රාල් ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

- Advertisement -

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ එහි කැඳවා තිබූ නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගිවීමට නොහැකි බව දන්වා මහ බැංකුව විසින් රජයේ මුදල් කාරක සභාවට ලිපියක් එවා තිබෙනවා.

ඊයේ පැවැත් වූ රැස්වීම පසුගිය 21 වැනිදා කැඳවීමට නියමිතව තිබුණත්, එය ඊයේ දිනය දක්වා කල් දමා ඇත්තේද මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මතයි.

මහ බැංකුවේ මෙම ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බව මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා. එහිදී සභාපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව සොයා බලන ලෙස කතානායකවරයා වෙත පැමිණිලි කිරීම සුදුසු බවයි.

මහබැංකු අධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඊයේ දින පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මහතාගේ දැඩි දෝෂ දර්ශනයටද ලක්විය.


RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...