33 C
Colombo
Monday, May 6, 2024

කටාන හිටපු උප සභාපති ඝාතනය කරලා

- Advertisement -

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී අද (28) සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසනවා.

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පිට හපුආරච්චි මහතා ඔහුට අයත් ඉඩමේ පොල් කැඩීම සඳහා ඊයේ(27) උදේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි එම ඉඩමට ගොස් තිබෙනවා.

කඩන ලද පොල් තොගයෙන් කොටසක් පොල් ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති අතර එම පොල් ව්‍යාපාරිකයා ඉතිරි පොල් තොගය රැගෙන යෑමට අද වත්තට පැමිණි අවස්ථාවේදී ඔහු මුර කුටිය තුල අත් පා ගැට ගසා පීටර් මහතා ඝාතනය කර තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා බව පොලිසිය සඳහන් කරනවා.

 පොල් වත්තේ මුරකරු ලෙස සිටි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පීටර් මහතාගේ ඝාතනයෙන් පසු අතුරුදන්ව බවත් ඊයෙ දිනයේ ඔවුන් දෙදෙනා මෙහි සිටි බව පොල් ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබෙනවා.

පීටර් හපුආරච්චි මහතා ඝාතනය කිරීමෙන් පසු මෙම අඹුසැමි යුවළ පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර පලාගිය අඹුසැමි යුවළ ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.

වනාතවිල්ලුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පළා දිය අඹු සැමි යුවල අත් අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...