33 C
Colombo
Sunday, May 5, 2024

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් ගැන ආණ්ඩුව තීරණයක් ගනී

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක වක්කුඹුර මහතා කියා සිටියේ මේ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ අනුව ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී බව රාජ්‍ය අමාත්‍ය සඳහන් කරනවා.

“පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා විසින් දාලා තියෙනවා.

අපට මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් ලබා දුන්නා, තමන් ඡන්දය ඉල්ලන පළාත් පාලන බලප්‍රදේශයෙන් පිටත ළඟම තැනකට ඔවුන්ව නැවත සේවයේ පිහිටුවලා ඒ අයට තමන්ගේ වැටුප හා දීමනා සියල්ලම ලබාගන්න පුළුවන් විදියට කටයුතු කරන්න.

ඒක මැතිවරණයට නාමයෝජනා දීලා ඉන්න අයට පමණයි. එතකොට ඡන්දය අවසන් වු ගමන්ම ඒ අයට හිටපු තැනට ඇවිත් වැඩකරන්න පුළුවන්. ඒ එක්කම තමන්ගේ නෝනා හරි මහත්තයා හරි ඡන්දේ ඉල්ලනවා කියලා මාරු කරපු අය පිරිසක් ඉන්නවා. ඒ අය තමන් වැඩ කරපු තැන ඇවිල්ලා වැඩකරන්න පුළුවන්.”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...