32 C
Colombo
Monday, May 6, 2024

“කොරෝනා දේවි” – වෛරසයක්, දෙවි කෙනෙක් බවට පත් කළ ඉන්දියානුවන්

- Advertisement -

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් නම් ප්‍රදේශයේ දේවාල ආශ්‍රිතව ‘කොරෝනා දේවි’ නමින් ප්‍රතිමා දෙකක් සාදා ඊට පූජකවරු ප්‍රමුඛ ප්‍රදේශවාසීන් වන්දනාමාන කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය වැසියන් කොරෝනා වසංගතයෙන් බේරාගැනීම සඳහා පිහිට යැදීමට මෙම පිළිම සකසා පූජාමාන පවත්වන බව කාමාචිපූර් අභිනම් දේවාලය බාර සිවාලින්ගේෂ්වරර් නම් පූජකයා පවසා සිටියි.

එක් පිළිමයක් සඳුන් ලීයෙන් ද අනෙක කළුගල් විශේෂයකින්ද නිමවා ඇති අතර, පිළිම ඉදිරිපස මල්, කැවිලි ඇතුළු පූජා භාණ්ඩ තබා, මන්ත්‍ර ජපකරන පූජකවරු, පිළිම කහ වතුරෙන් සහ කිරිවලින් නැහැවීමද සිදු කරනු ලැබේ.

”මේ වයිරසය දෙවි කෙනෙක් බවට පත්කරලා අපි වන්දනාමාන කරන්නේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන අවම කරන්නැයි අයැදින්නයි. මේවනවිට එය දරුණු වී තිබෙනවා. වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය අංශවලට පවා මේ තත්වයෙන් රට ගොඩගන්න බැරිවුණා. ඒනිසා අපි දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න හිතුවා” යැයි සිවාලින්ගේෂ්වරර් පවසයි.

කොලරාව, මහාමාරිය ව්‍යාප්ත වූ කාලවලදී මෙන්ම පැපොල, සරම්ප වැනි රෝගවලදී ද මෙවැනි ම දේවාලවලදී දෙවිවරුන්ට වන්දනා කර ඇතැයි ඔවුන් පවස‍යි. දින 48ක්පුරා අඛණ්ඩව කොරෝනා දේවි ප්‍රතිමා සඳහා පූජා පැවැත්වීමට නියමිත බව ද පැවසේ.

coronavirus latest updates Kerala man Anilan Muhoortham makes coronavirus  goddess shrine to pray for workers protection | केरल में कोरोनावायरस को  देवी मानकर पूजते है अनिलन, सोशल मीडिया पर ट्रोल ...
Priests in India pray for mercy from coronavirus 'Goddess' - Corona Devi |  The Economic Times
Women in parts of Assam offer prayers to please 'Corona Devi'- The New  Indian Express
Corona Devi, India invokes new goddess to be protected from Coronavirus

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...