25 C
Colombo
Sunday, May 19, 2024

මිතුරු ඝාතන පළිය ගත් පුද්ගලයා අත්අඩංගුවට

- Advertisement -

මාලිගාවත්තේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, කෙසෙල්වත්තේ දී පොඩි කවී නැමැත්තා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කළ බවයි.

මාලිගාවත්තේ දී පසුගිය 01 වැනිදා යතුරුපැදි සේවා ස්ථානයක් විවෘත කළ පුද්ගලයකුට නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එහි හිමිකරු රෝහල්ගත කළ අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන මාලිගාවත්තේ නෙවිල් නැමැත්තාගේ ඥාතියෙකු බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ අතර ඒ අනුව සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, අදාළ වෙඩි තැබීම සඳහා යතුරු පැදිය පැදවූ පුද්ගලයා කෙසෙල්වත්තේ පදිංචි සුගත් පුෂ්ප කුමාර නොහොත් කසුන් නැමැත්තකු වන බවයි.

අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් මල්වාන ප්‍රදේශයේ සැඟ ව සිට තිබෙනවා.

සැකකරු හෙරොයින් මිල දී ගැනීම සඳහා වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණෙන බව විමර්ශන නිලධාරීන්ට අනාවරණය වු අතර ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයට ගොස් සිදු කළ විමර්ශනයක දී සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 180ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන්ගේ කුඩා කල සිටම සමීප මිතුරකු වන පොඩි කවී නැමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කළ බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...