පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව හට උපකාර කිරීමට ජාතික ක්‍රිස්තියානි සභාව සූදානම් බව නිවේදන කරනවා.
නිරෝධායනය සඳහා ජනතාවට නවාතැන් පහසුකම් අවශ්‍යවන්නේ නම් ඒ සඳහා තම දේවස්ථාන හා මධ්‍යස්ථාන ලබාදීමට කටයුතු කල හැකි බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම එන්නත්කරණ කටයුතු සඳහාද එලෙසින්ම අවශ්‍ය කෙරෙන ස්ථාන හා පහසුකම් ලබාදීමට ජාතික ක්‍රිස්තියානි සභාව සිය කැමැත්ත පලකර තිබෙනවා.
තවද විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ද මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කෙරෙන සහයද එම පුද්ගලයන් හට ලබාදීමටද අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔවුන් සදහන් කරන්නේ.