31 C
Colombo
Saturday, July 27, 2024

අර්බුදය මැද රට හැරයන පිරිසත් ඉහළට

- Advertisement -

වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස සියයට 30% – 40% අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කරුණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇති බවයි එහි ප්‍රකාශකයෙක් පවසන්නේ.

රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගතවීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව වාර්තා වන අතර විදේශ රටවල දැනට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය සමීප ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමට ඇති පෙළඹීම ද වැඩිවී ඇති බවත් බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවත් වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...