31 C
Colombo
Saturday, July 27, 2024

රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දැමූ පුද්ගලයා සොයා ගනියි

- Advertisement -

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයාව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා අදාල පුද්ගලයාව ඊයේ (17) දින අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණත් සැකකරු ඊයේ එහි නො පැමිණි බවයි පැවසෙන්නේ.

රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට පසුගියදා මෙම මුදල් බැර වී තිබූ අතර අදාල මුදල තැන්පත් වූ දවසේ ම රතිඳු සේනාරත්න ඒ පිළිබඳව එම පෞද්ගලික බැංකුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

පසු ව තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රතිඳු සේනාරත්න පවසා තිබුණේ, ගිණුම්කරණය පිළිබඳව උගත් තමා මෙවැනි උගුල්වලට තමා කිසිසේත්ම හසු නොවන බවත් මෙතෙක් කාලයක් සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් අරගලය වෙනුවෙන් පෙනී සිටි තමා ව කිසි සේත් ම මෙවැනි උගුල් හරහා නම්මවා ගැනීමට නො හැකි බවත් ය.

”අප මර්දනය කරන්නට මෙතෙක් ගත් නින්දිත ක්‍රියාමාර්ග හා මඩ කැම්පේන් හමුවේ නොසැලී ඉන්නට පුලුවන් උනේ අපේ අත් 100%. පිරිසිඳු නිසාවෙනි” යැයි ඔහු අවසාන වශයෙන් සටහන් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...