31 C
Colombo
Saturday, July 27, 2024

මම ළමයෝ මින් අඹයක් නොපතමි – යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

- Advertisement -

“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය – 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කරන ලදි.

පෙරවරු 9.18 යෙදුණ සුභ මොහොතින් හිරෝසා ප්‍රබේදයට අයත් කොස් පැලයක් මෙසේ අග්‍රාමාත්‍යතුමා විසින් මෙහිදී රෝපණය කරන ලදි.

වස විසෙන් තොර පෝෂණයෙන් පිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග සිය ගෙවත්තෙන්ම සපයා ගැනීමට සැලසීමත් ඒ තුළින් නිරෝගී හා ස්වයංපෝෂිත පවුල් ඒකකයක් බිහිකිරීමේ අරමුණ ඇතිව “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය ක්‍රියාත්මක වනවා.

මෙම ජාතික වැඩසටහන අනුව යමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා දේශීය සැපතිල්ලා පැලයක් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා බිබිලේ ස්වීට් ප්‍රබේදයට අයත් දොඩම් පැලයක් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රෝපණය කරන ලදි.

මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව අද පටන් සතියක කාලයක් පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල රෝපිත එළවළු පැල වර්ග එම වසම්වල ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීමට ද නියමිත වනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...