28 C
Colombo
Saturday, July 27, 2024

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

- Advertisement -

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට ඔවුන් දෙදෙනාගේ පවුලේ අය විසින් පොලීසිය වෙත දැනුම්දී තිබෙනවා.

ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයට පැමිණි සිසුවියන් දෙදෙනා පසුගිය 14 වනදා විභාගයට පෙනී නොසිට අතුරුදන් වී තිබුණා.

ඒ අනුව, දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, රැකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹ පැමිණ ඇති බවත්, කඩුවෙල ප්‍රදේශයේ ඥාතී නිවසකට ගොස් ඒ බව දෙමාපියන්ට දැනුම් දී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...