27 C
Colombo
Monday, May 6, 2024

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

- Advertisement -

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වෙනවා.

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබනවා.

මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120ක්.

එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදු කෙරෙනවා

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙටට ලබාදීමට එකඟවී තිබුණා.

නමුත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකි වී තිබෙනවා.

පසුව ශ්‍රී ලංකා රජය  එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබුවා.

2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...