33 C
Colombo
Sunday, May 5, 2024

රාජපක්ෂ පවුලේ නම විකුණලා තමන්ගෙ වැඩේ කරගන්න අය ඉන්නවා

- Advertisement -

මෙරට කොරෝනා ව්‍යාප්තිය ඇරඹී විශාල කාලයක් ගත වී ඇති නමුත් කොරෝනා පාලනය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයා ගැනීමට වත්මන් රජය විසින් තවමත් අසමත් වී ඇති බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

එ මහතා මේ බව පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්,

කොර්‍රෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින ඇඳන් ඇතුළු පහසුකම් හිඟය පිළිබඳ අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“ඇතැම් තැන් වල අපි අහනවා ඇයි මේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු කරන්නේ? ඒ ගොල්ලො කියනවා, සර්, පීසීආර් අඩු නොකර කොහෙටද අපි දාන්නේ? ඉතින් පීසීආර් අඩු කරලා ලෙඩ්ඩු අඩු කරනවා.

එදා ඩෙංගි වසංගත සමයේදි හැම රෝහලකම මම HDUs දැම්මා. දාලා අවශ්‍ය පහසුකම් දීලා මාසකින් වසංගතය පාලනය කරා. ඒ නිසයි එදා අපිට ප්‍රශංසා කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට ලියුම් එව්වේ.

කොවිඩ් වසංගතය මේ රටට ආවෙ කොයි කාලෙද?  තාම බැරි උනා මේ වසංගතයට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරලා දෙන්න. රට හදන විරුවා කියන පුද්ගලයට කෝ සැලසුම්? මේවට සැලසුම් මුළු ලෝකෙන්ම හොයා ගන්න පුළුවන්. HDUs නැති නිසා, ඔක්සිජන් නැති නිසා දිනපතා කිහිපදෙනෙක් මියයනවා. 

එමෙන්ම, චීනයේ සයිනොවැක් එන්නත් නිෂ්පාදනාගාරයක් මෙරට ඇරඹීමට නියමිත බවට ප්‍රචාරය කරන පුවත අසත්‍යයක් බවත් මෙහිදී සිදු කරන්නේ එන්නත තොග වශයෙන් රැගෙන විත් කුප්පි වලට ඇසුරුම් කිරීම පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා. කෙසේ නමුත් සයිනොවැක් යනු ඵලදායීතාව ඉතාමත් අඩු එන්නතක් බවත් එම එන්නත ඇසුරුම්කරණය සිදු කරන කර්මාන්තශාලාවේ ප්‍රමිතිය තහවුරු කිරීමකින් තොරවම ඇරඹීමට උත්සහයක් පවතින බවත් මේ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නම භාවිතයක් සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

“මං හිතන්නේ නෑ ජනාධිපතිතුමා මේ ක්‍රමවේද අධ්‍යනය කරලා, නෑ මට ඕවා වැඩක් නෑ. මට අගෝස්තු වෙද්දි ඕන කිව්වා කියලා මම හිතන්නෙ නෑ. සමහරු ඉන්නවා තමන්ගෙ වැඩේ කරගන්න ජනාධිපතිගෙ නම විකුණනවා. හැම එකටම ජනාධිපතිගෙ, රාජපක්ෂ පවුලෙ නම දාගෙන වැඩේ කරගන්න අය ඉන්නවා. අපේ කාලෙත් එහෙම අය හිටියා” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...