29 C
Colombo
Saturday, July 27, 2024

විදුලිය නැත්තේ කලින් රජය බලාගාර හැදුවෙ නැති නිසා..! – අගමැති

- Advertisement -

විදුලි කප්පාදුවකින් තොර රටක් බිහි කිරීමට නොහැකිවූයේ පසුගිය රජය තමන් ඉදිකල බලාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොගිය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (11) දින අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය සිදුකරමින්.

යුද ජයග්‍රහණයෙන් පසුව ජනතාව අමතා කල ප්‍රකාශයේදී තමන් අනාගතයේදී විදුලිය කැපීමකින් තොර රටක් බිහිකරනවා යැයි තමන් ජනතාව හමුවේ ප්‍රකාශ කලද එය සාර්ථක නොවූයේ ඒ හේතුව නිසා බැවින් බවයි ඔහු පවසන්නේ.

“යුද්ධය ජය අරගෙන ජනතාව අමතලා කරපු කතාව මට මේ මොහොතේ සිහිපත් වෙනවා අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් බිහිකරනවා යැයි කියලා එදා මම කියුවා ඒ සඳහා බලාගාර ඉදිරමින් වැඩකලත් ඒ බලාපොරොත්තු අපිට ඉටු කිරීමට නොහැකි වූයේ පසුගිය රජය අපේ වැඩපිලිවල ඉදිරියට ගෙන නොගිය නිසයි. ඒක තමයි ඇත්ත.

කවුරු ඒ වැඩ අතපසු කලත් බලයේ ඉන්න ආණ්ඩුව එහි අවසාන වගකීම භාරගන්න ඕනේ. තෙල් පොලීමේ දින ගණන් වෙහෙසුණු ජනතාවගේ වෙහෙස අපිට තේරෙනවා, ගෑස් ගන්න පොලිම් වල රස්තියාදු වුනු කාන්තාවන්ගේ වේදනාව අපිට තේරුම් ගන්න පුලුවන් බඩුමිල අහස උසට නැගලා තියන වෙලාවේ ජනතාව මුහුණ දීලා තියන දුක් ගැහැට අපි කාටත් අවබෝධයක් තියනවා”


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...