25 C
Colombo
Sunday, May 19, 2024

දේවගැතිවරයා සහ මගේ අතර සම්බන්ධයක් නැහැ – මහින්ද රාජපක්ෂ

- Advertisement -

ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු හෝ ඔහුගේ ගුරුවරයා වන සිම්බාබ්වේ ජාතික ඌබර්ට් ඒන්ජල් සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට මාධ්‍ය වෙත පිළිතුරු ලබාදෙමින්.

තමා එක් අවස්ථාවක පමණක් ඔවුන් මුණ ගැසුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් හේතුවෙන් බවයි ඒ මහතා පවසන්නේ.

බුද්ධාගම සහ අනෙක් ආගම් සම්බන්ධයෙන් දේවගැතිවරයා සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය තමා හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇති වන අයුරින් ප්‍රකාශ සඳහා මෙරටේ ඉඩක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඔහු කියා සිටින්නේ තමා අගමැති සහ බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුරය දරන අවස්ථාවේදී දේවගැති වරයා නිල වශයෙන් හමුවක් ඉල්ලු බවයි.

හොඳ හිත වර්ධන කරගැනීම සහ ඔවුන් මුහුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයින් හමුවීමට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවත්ය.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...