33 C
Colombo
Sunday, May 5, 2024

නව පාසල් වාරයට ළමුන් ඉස්කෝලේ ගිහිල්ලත් හමාරයි

- Advertisement -

නව පාසල් වාරයේ පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් පවසන්නේ මේ හේතුවෙන් දරා ගත නොහැකි මුදලකට පාසල් ළමුන්ගේ අභ්‍යාස පොත් සහ උපකරණවල මිල ඉහළ යනු ඇති බවයි.

මේ අනුව නව වසරේ අවශ්‍ය පොත් සහ උපකරණ ලැයිස්තුව රුපියල් 5000ක මුදලකට පසුගිය වසරේ ලබා ගත හැකි වුවත් මේ වසරේ එම මුදල රුපියල් 15000ක් ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය වසරේ රුපියල් 55කට පැවැති පිටු 80 කොටුරූල් හා තනිරූල් පොතක මිල මේ වසර වන විට රුපියල් 145ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් 180ට තිබූ චිත්‍ර පොතක මිල රුපියල් 270ක් වන අතර පිටු 80ක CR පොතක් රුපියල් 160 සිට 320 දක්වා මිල වැඩි වී තිබෙනවා.

රුපියල් 10ට තිබූ මකන කැබැල්ල රුපියල් 40ක් වන අතර චිත්‍ර සඳහා භාවිතා කරන පැස්ටල් පෙට්ටියක මිල රුපියල් 70 සිට රුපියල් 195ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් 10ක මුදලකට තිබූ පෑනක මිල රුපියල් 30 දක්වා ද A4 කොළයක මිල රුපියලේ සිට රුපියල් 10ක් දක්වා වැඩි වී තිබෙනවා.

පාසල් බෑගයක මිල රුපියල් 1000 සිට රුපියල් 3000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව අභ්‍යාස පොත්වල පිටු ප්‍රමාණය අනුව මිල රුපියල් 100ක වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රුපියල් 1500කට තිබූ සපත්තු යුගලයක් අද වන විට රුපියල් 3000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...