33 C
Colombo
Saturday, March 30, 2024

කොවිඩ් නොතකමින් ඉන්දියාවේ දැවැන්ත ආගමික උත්සවයක්

- Advertisement -

නැවත වරක් කොවිඩ් -19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන පසුබිමකදී හින්දු බැතිමතුන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් උතුරු ඉන්දියාවේ අලහබාද් නගරයේ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙනවා.

මකර සංක්‍රාන්තිය නැතහොත් ‘ප්‍රයග්‍රාජ් මාග් මේලා’ නමින් හැදින්වෙන මෙම උත්සවයේදී ගංගා නදියේ ස්නානය කිරීමෙන් පව් දුරු වන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

පසුගිය වසරේදීද මෙම උත්සවය පැවති අතර ඉන්දියාවේ මාරාන්තික කොවිඩ් දෙවන රැල්ලට එම උත්සවය හේතුවූ බව එරට සෞඛ්‍ය බලධාරීන් වාර්තා කළා.

කෙසේ වෙතත් අලහබාද් නගරය පිහිටි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලධාරීන් මෙම වසරේ උත්සවය තහනම් කිරීම ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක්.

අද (14) එරට මාධ්‍ය වාර්තා කළේ වන්දනාකරුවන් සමාජ දුරස්ථභාවය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා දෙවියන් යදිමින් ගං ඉවුරේ රැස්ව සිටින බවයි.

එයට සහභාගීවූ ජනතාවගෙන් 70% කට වැඩි පිරිසක් මුහුණු ආවරණ නොමැතිව සිටි ආකාරය ඉන්දියානු ABP ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කළා.

උත්සවය අතරතුර අවශ්‍ය සියලුම කෝවිඩ් ප්‍රොටෝකෝල අනුගමනය කරන ලෙස ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ජනතාවගෙන් ඉල්ලා තිබුණද ඊටත් පෙර සිටම එම ස්ථානයෙන් ආසාදිතයින් වාර්තා වුණා.

ඉන්දියානු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු BBC ප්‍රවෘත්ති සේවය වෙත සදහන් කර ඇත්තේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් 38 දෙනෙකු මේ වන විට ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම ස්ථානයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හමුවිය හැකි බවට ඔහු සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීම සඳහා ආරාධයක් ලැබුණොත් තමා එම පක්ෂය ප්‍රමුඛ දේශපාලන බලවේගයක් සඳහා එකතු වීමට කැමති බව  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

නිදහස් පක්ෂයේ තනතුරුවලට අලුත් මුහුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත්...

නිදහස් පක්ෂයේ තනතුරුවලින් තිදෙනෙක් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබෙනවා. එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...