ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර විසිතුනක් නොවිසඳුණු වැටුප් අර්බුදයට එරෙහිව පළාත් මට්ටමින් පවත්වන උද්ඝෝෂණ මාලාවේ තවත් අදියරක් අද (06) බදුල්ල නගරයේදී පැවැත්වුණා.
මේ සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දහස් ගණනක් සහභාගීවී සිටිය අතර ඔවුන් බදුල්ල නගරයේ වීදි පුරා විරෝධතා වැකි කියමින් ආණ්ඩුවට සිය විරෝධය පලකළා.



