පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, පිපිරීමෙන් තවත් පුද්ගලයින් 09 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති කතෝලික දේවමෙහෙයකදී මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් වනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.