ප්‍රදේශ දෙකක දී දරුවෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, සන්දිවෙල් සිත්තන්ඩි ප්‍රදේශයේ චන්දනමඩුආරු ඇළේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25 හා 33 වයස්වල පසුවන සිත්තන්ඩි 02 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
මෙම දෙදෙනා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග ඊයේ (08) දහවල් කාලයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බව සඳහන් වනවා.
ප්‍රදේශවාසීන් විසින් මොවුන් දෙදෙනාව මාවධිවෙම්ඹු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පවසන්නේ.
මේ අතර, ඊයේ රාත්‍රියේ උයිලංකුලම තිරුකේදීෂ්වරම් පලාවි වැවේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 09 හැවිරිදි වව්නියාව පුන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
උයිලංකුලම තිරුකේෂ්වරම් කෝවිලේ පවත්වනු ලබන උත්සවයක් නැරඹීම සඳහා පිරිසක් සමග පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා දියේ ගිලි ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.