ඉන්දියාවේ ධර්මශාලා ප්‍රදේශය ආශ්‍රිතව වෙසෙන ටිබෙට් ජාතිකයෝ දහස් ගණනක් ධර්මශාලා නගරයේ දී චීනයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
එහිදී ඔවුන් සදහන් කළේ චීන ආණ්ඩුව විසින් මධ්‍යම ටිබෙටයේ කාම් දාග්‍රෝ ප්‍රදේශයේ දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීමටත්, ආගමික පාසල් තහනම් කිරීමටත් චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බව විරෝධතාකරුවෝ මෙහිදී සදහන් කළහ.
මෑතකදී චීන බලධාරීන් විසින් එම ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක පිහිටුවා තිබූ අඩි 600 ක් පමණ උස බුදු පිළිමයක් ද විනාශ කර ඇති බව ඔවුහු එහිදී පැවසූහ.
චීන බලධාරීන් ටිබෙටයේ බෞද්ධ උරුමය වනසමින් සිටින බවට දිගු කාලයක සිට බරපතල ලෙස චෝදනා එල්ල වෙමින් පවතින අතර ඊට එරෙහිව ලොව පුරා වෙසෙන ටිබෙට් වැසියෝ විවිධාකාරයේ විරෝධතාවල නිරත වෙති.