ශ්‍රී ලංකා රුපියල ඊයේ (11) දිනයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද (12) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.52 ක් ලෙස සටහන් වුණා.
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ වාර්තා වූයේ රුපියල් 317.01ක් ලෙසයි.
එමෙන්ම, ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ රුපියල් 327.55 ක් ලෙස සටහන් වුණා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රුපියල් 316.52 – රුපියල් 327.55
කොමර්ෂල් බැංකුවේ – රුපියල් 316.41 – රුපියල් 326.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රුපියල් 318.00 – රුපියල් 326.00
සෙලාන් බැංකුව – රුපියල් 315.50 – රුපියල් 327.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රුපියල් 316.50 – රුපියල් 328.50
එන්.ඩී.බී. (NDB) – රුපියල් 314.25 – රුපියල් 327.25
අමානා බැංකුව – රුපියල් 319.75 – රුපියල් 325.75 ලංකා බැංකුව – රුපියල් 319.00 – රුපියල් 327.00