28 C
Colombo
Monday, May 6, 2024

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට කාන්තා ක්‍රිකට් තහනමක්

- Advertisement -

සංක්‍රාන්ති ලිංගික (Transgender) ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වළක්වාළමින් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ පිරිමි පුද්ගලයෙකු වශයෙන් වැඩි වියට පැමිණුනු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් මෙම තහනමට ඇතුළත් වන බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් කාන්ත ක්‍රිකට් තහනම් කිරීමේ මෙම තීරණය මාස 9ක් පුරාවට සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලියකින් පසුව නිකුත් කරන ලද බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇත්තේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සාධාරණත්වය මෙන්ම ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමේ අරමුණින් මෙම තීරණයට එළඹ ඇති බවයි.

ක්‍රීඩාවේ සාධාරණත්වය මෙන්ම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වැනි හේතු සලකා බලමින් රග්බි, පිහිනුම්, පාපැදි මෙන්ම මලල ක්‍රීඩා සඳහා අදාළ වන ක්‍රීඩා සංගම්ද සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් සඳහා පසුගිය වසර කිහිපය තුළ මෙවැනි තහනමක් පනවා තිබුණා.  

2020 දී කැනඩාවට සංක්‍රමණය වීමට පෙර ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ McGahey, 2020 නොවැම්බර් මාසයේදී කාන්තාවක් ලෙස සමාජීයව සංක්‍රමණය වීමෙන් අනතුරුව 2021 මැයි මාසයේදී වෛද්‍යමය වශයෙන් කාන්තාවක් ලෙස සංක්‍රමණය වීම අරභා තිබුණා.

29 හැවිරිදි ඇය සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර තරඟයකට සහභාගී වී තිබෙනවා.

කෙසේ වෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...