29 C
Colombo
Saturday, May 4, 2024

රුපියල් බිලියන 180ක දැවැන්ත බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) රුපියල් මිලියන 180,000 ක හෙවත් රුපියල් බිලියන 180 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වනු ලැබුවා.

එහිදී 2024 සහ 2027 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රුපියල් මිලියන 70,000 ක් සහ රුපියල් මිලියන 110,000 ක් බැගින් වන බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් 2024 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රුපියල් මිලියන 441 ක ලංසු ප්‍රමාණයක් පමණයි.

2027 කාණ්ඩය සඳහා ලැබී තිබුණු රුපියල් මිලියන 189,362 ක්වූ ලංසු අතුරින් රුපියල් මිලියන 110,000 ක ලංසු පිළිගෙන තිබුණා.

ඒ අනුව සමස්තයක් වශයෙන් මෙම වෙන්දේසියේ දී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වටිනාකම රුපියල් මිලියන 110,441ක්.

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...