28 C
Colombo
Saturday, May 4, 2024

දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් කොරියාවේ අතුරුදහන්

- Advertisement -

විශේෂඥ පුහුණු සැසියක් සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු එරටදී අතුරුදන්ව තිබෙන බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ පුහුණුකරුවෙකු මෙම පුහුණු සැසිය සඳහා යවා තිබුණා

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් දෙදෙනෙකු දකුණු කොරියානු ගුවන් තොටුපළට ගොඩබැස විගසම කණ්ඩායම් කළමනාකාරීත්වයට හෝ අනෙකුත් ක්‍රීඩකයින්ට නොදන්වා අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා යුද හමුදාවේ හා නාවික හමුදාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකු බව සඳහන්.

ඒ අනුව අගෝස්තු 21 – 25 දක්වා කොරියාවේ පැවති ඉහත පුහුණු සැසියට සහභාගී වී ඇත්තේ ක්‍රීඩයකයන් තිදෙනෙකු හා පුහුණුකරු පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති රොෂාන් කඩන්තච්චි මහතා මෙම සිදුවිම සනාථ කර තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරුගෙන් ලද වාර්තාව අනුව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා බලධාරීන්ව දැනුවත් කර ඇති බවද ඔහු පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...