32 C
Colombo
Saturday, May 4, 2024

කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

- Advertisement -

මොරගහකන්ද – මාරගමුව ප්‍රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇළහැර නාවුල ප්‍රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන් තුවා ලබා ඇත්තේ, රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

කතරගම වන්දනාවේ ගොස් සිය නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක් වී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් 8 දෙනෙකු සිට තිබෙන අතර, ප්‍රදේශවාසීන් සදහන් කළේ, විදුලි කණුවේ ගැටුණු රථය පෙරළී ගිය බවයි.

ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා තුවාලකරුවන් කැබ් රථයෙන් පිටතට ගෙන තිබෙනවා.

අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...