26 C
Colombo
Tuesday, May 7, 2024

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

- Advertisement -

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

හෝමාගම නගර සංවර්ධන සැලැස්ම යටතේ “දැනුම් කේන්ද්‍රීය නගරය” සංකල්පයට අනුව විද්‍යා හා තාක්ෂණ අංශ දියුණු කිරීම ප්‍රමුඛ කොට ගෙන ඒ සඳහා අවශ්‍ය බිම් කොටස් වෙන් කර දීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයිති හෝමාගම, පිටිපන පිහිටි මාහේනවත්ත නමැති අක්කර 237ක ඉඩමෙන් කොටස් දෙකක් මෙලෙස ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම ඉඩමින්අක්කර 14 රූඩ් 03 පර්චස් 12.8ක් වූ ඉඩම් කොටසක් ජාතික ව්‍යාපාර කළමණකාරීත්ව විද්‍යාතනයේ II අදියර ඉදි කිරීම සඳහාද තවත් අක්කර 20ක පමණ බිම් කොටසක්  එහි III අදියර ඉදි කිරීම සඳහාද ලබා දීමට නියමිතයි.

ඒ අනුව,  රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම අය කිරීමට යටත්ව, දිගුකාලීන බදු පදනම මත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය වෙත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...