28 C
Colombo
Monday, May 6, 2024

බදුල්ල රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මරු​ට

- Advertisement -

සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර් රථයක් හාලිඇල ගණදෙවි දේවාලය අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් අනතුරට ලක්වී තිබෙනවා.

එම මෝටර් රථයේ ගමන්ග​ත් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්​තේ අද (14) බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේදීයි.

ගම්පහ දොම්පේ පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරි​දි H.M කමලාවතී සහ 51 හැවිරි​දි මුදුගමහේවගේ සිරියාවති යන කාන්තාවන් දෙදෙනා මෙම අනතුරි​න් මියගිය බව පොලිසිය සඳහන් කළා.

පොලීසිය පවසන්නේ, මෙම අනතුරින් 53, හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණියක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි.

මොවුන් හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින සිය දියණියගේ නිවසට සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙ​න් හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...