28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

මෙරටින් හමුවූ අලුත් මදුරුවන්ගේ විත්ති

- Advertisement -

Culex (Lophoceraomyia) cinctellus නැමැති මදුරු විශේෂයක් මිරිගම ගම්පහ සහ කලුතර ප්‍රදේශයන්ගෙන් හමුවූ බවත් මෙම විශේෂය බරවා රෝගය බෝකරන මදුරුවාට බොහෝ දුරට සමාන බවත් සෞඛ්‍ය කී‌ට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේකර පවසනවා.

මෙම මදුරු විශේෂය මිනිසුන්ගේ රුධිරය උරා බොන නමුත් මිනිසාට රෝග බෝකරන වාහකයෙක් ලෙස ක්‍රියාකරන බවට තවමත් තහවුරු වී නොමැති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරමින් බවතින බවත් ඔහු පවසනවා.

මෙම මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිනිසුන්ගේද රුධිරය උරා බොන බවත් ඒ සවස 6න් පසුව බවත් පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ඔහු පවසනවා.

මේ මදුරු විශේෂය ඉන්දියාවේ සහ තායිලන්තයේ වාර්තා වී ඇතැයිද පැවසේ.

මෙම මදුරු විශේෂය පරිසරයෙන් සොයා ගත්තද මදුරුවා බිත්තර දමන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද බිත්තර දමන ස්ථානයන් සොයාගැනීමට තවදුරත් පර්යේෂණ පැවැත්වෙන බව ද හෙතෙම පවසා සිටිනවා.

මෙම මදුරු විශේෂයේ ජානමය විශ්ලේෂණයන් සඳහා දකුණු කොරියාවේ රසායනාගාරයක් වෙත යැවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තාරක රණතුංග සහ වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ළහිරු උදයංගගේ සහය හිමිව තිබෙනවා.

කැළණි විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ ශුද්ධ හා ව්‍යහාරික විද්‍යාව පිලිබඳ අන්තර්ජාතික සමුළුවේදී මෙම පර්යේෂණ පත්‍රිකාව එළිදැක්වූ බවත් ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 4ක් පිළිබඳව පර්යේෂණාත්මකව තහවුරු කර ගැනීම් මේ දිනවල සිදුකරන නමුත් රටේ පවතින ආර්ථික වටාපිටාවත් සමග පර්යේෂණ කටයුතු ඇණහිට ඇති බවත් නජිත් සුමනසේන පවසනවා.‍

මෙම පර්යේෂණ කටයුතු නලීන් ජයසිංහ, ප්‍රමිත රංගන සහ ගයන් ශ්‍රී කුමාරසිංහ යන කීට විද්‍යා නිලධාරීන් මෙහෙයවනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

ඔක්තෝබර් 12 ට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන – වජිර

ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ලේදී පැවති එක්සත් ජාතික පාක්ෂිකයන් හමුවකදී ඒ මහතා මෙම...

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...