කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා.
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට පෙර එයට ගොඩවීමට උත්සාහ කළ දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළේ අනතුරට ලක් වූ පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.