31 C
Colombo
Saturday, May 18, 2024

ගෝඨාගේ ඇමෙරිකානු වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා – ද හින්දු පුවත්පත

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත අනාවරණය කරනවා.

පසුගිය සති කිහිපයක සිට ඔහු කෙරෙහි වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් මෙරටින් ඇමරිකාව වෙත පලායෑමට ඔහු උත්සහ කළද එය ව්‍යර්ථ වූ බව මෙරට නිලධාරියෙක් උපුටා දක්වමින් හින්දු පුවත්පත මෙය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසූ නමුත් ඊට තවමත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ.

මීට පෙර ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ, 2019 මැතිවරණයට පෙර ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හරිනු ලැබූවා.

ඒ ශ්‍රී ලාංකිකයෙකු නොවන පුද්ගලයෙකු හට ජනාධිපති ධූරයට තරඟ කිරීමට නොහැකි බවට ව්‍යවස්ථාවේ සදහන්ව ඇති බැවින්.


RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...