25 C
Colombo
Wednesday, September 27, 2023

උද්දිකගෙ ගෙදර CCTV වැඩ නැහැ

- Advertisement -

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවතී ඇති බව අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න පසුගියදා (17) රාත්‍රී සිය මෝටර් රථයෙන් අනුරාධපුර පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ නාඳුනන වෙඩික්කරුවකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කොට ඇති බවත් ඉන් ජීව උණ්ඩ එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිත වී ඇති බවත් හෙළි වී තිබෙනවා.

මන්ත්‍රීවරයා සිය සමීප මිතුරන් කීප දෙනකු සමග අනුරාධපුර ප්‍රදේශයේ නිවසකදී ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් මහා තරගය නරඹා පසුව ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදී සිට තම නිවසට පැමිණ තිබෙන බව සඳහන්.

අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ නුවරවැව මාවත පිහිටි නිවසට පැමිණි තිබෙන අතර රාත්‍රි 10.20 ත් 10.30 ත් අතර කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බවයි වාර්තාවන්නේ.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...